24xnews සිංහල

සත්යය! අවංකව !! මධ්යස්ථ අපගේ අරමුණ !!!

குறிப்பு: ஆங்கிலப் பதிவின் கீழ் பகுதியில் தமிழ் இணைப்பு உள்ளது.

කපපු ලෙමන් ගෙඩි තුනක් නිදා ගන්න ඇඳ ලගින් තියා ගත්තම ලැබෙන පුදුමාකාර ශක්තිය

අපි හැමදාමත් කියනවා වගේ ලෙමන් කියන්නේ ඔබේ සිරුරේ අලංකාරය සඳහා වගේම සෞඛ්‍යය රැක ගැනීම සඳහාත් පාවිච්චි කරන්න පුළුවන් පුදුමාකාර පලතුරක්. ඒ වගේ දේවල් විද්‍යාත්මකව පිලි ගැනෙන නිසා බොහෝ දෙනෙක් කිව්වම ඒ ගැන සැක හිතන්නේ නැහැ. ඒත් ගුප්ත විද්‍යාව ආශ‍්‍රිතවත් ලෙමන් සතු පුදුමාකාර ගුණය ගැන විශේෂ අවධානයක් ලැබිලා තියෙනවා. මේක කිව්වම නම් සමහරු හිතයි මේවා ගල් යුගයේ කට්ටියට හොඳ කතා කියලා. හැබැයි ඒ වගේ අයට කියන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා.

1. කාලයකට කලින් ඒ තරම් සැලකිල්ලට ගත්තේ නැති, වනචාරි ක‍්‍රම කියලා විහිළුවට ලක් කරපු ස්වභාවික දේවල් ආශ‍්‍රිත බෙහෙත් හා රූපලාවණ්‍ය නිෂ්පාදන වල වටිනා කම දැන් දැන් බටහිර විද්‍යාව ඇතුළු ඒ ජන සමාජයම පිලි ගන්නවා. කාලයක් නරක ආහාර වලට හුරු වුන එයාලා දැන් ස්වභාවික ආහාර පැත්තට හැරෙමින් සිටිනවා. ඒ නිසා මේවා අද විහිළුවට ලක් වුනාට අනාගතයේ මේවාත් ඒ තත්වයට පත් වෙන්න ඉඩක් තියෙනවා.

2. ලෙමන් කියන්නේ කිසිසේත්ම අපේ සෞඛ්‍යයට හානි කරන දෙයක් වෙන්න බෑනේ නේද? ඒ වගේම ලෙමන් මිලෙනුත් හරිම අඩුයි. කොයි සුවඳ කාරකයටත් වඩා හොඳ සුවඳකුත් තියෙනවා. ඉතින් ලෙමන් ගෙඩි ටිකක් ලගින් තියා ගන්න එකෙන් කාටවත් පාඩුවක් වෙන්න බෑනේ නේද? ඒ නිසා අවිශ්වාසයෙන් හරි තියා ගෙන ඉන්න. නරකක් වෙන්නේ නෑනේ?

ඉතින් ඒ කාරණා දෙකෙන් කැමති දෙයක් සැලකිල්ලට අරගෙන මේ දේ කැමති නම් කරලා බලන්න. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඕවා විශ්වාස නොකරන අය ගොඩක් දෙනෙක් නම දාගෙන ඉන්නේ උපන් නැකත අනුව, ඉගෙන ගන්න යද්දී සුර දානවා, විවාහ වෙද්දී පොරොන්දම් බලනවා. ගෙදර හදන්නේ වාස්තු බලලා, ගෙදරට යද්දී ශාන්තියක් එහෙම කරනවා, වාහනයක් ගත්තම දෙහි කපනවා, ළමයි ලැබෙන්න පූජා තියනවා, හැම දෙයක්ම නැකත් බලලා කරනවා. තව වැඳුම් පිදුම් කරලා ප‍්‍රාර්ථනා එහෙම කරනවා. බැලූවාම ඒවත් නොකර හිටියා නම් හරි නේද? හැම දේම විද්‍යාවට ලඝු කරන්න එපා. අපිට නොවැටහෙන දේවල් තියෙන්න පුළුවන්. ඒවාට වටිනා කමක් දෙන්න.

ගුප්ත විද්‍යාවට අනුව ලෙමන් වලට පුළුවන් කම තියෙනවා අපිට නරක බලපෑම් ඇති කරන සෘණාත්මක ශක්තීන් අපෙන් දුරස් කරන්න. මේ සෘණාත්මක ශක්තීන්ට පුළුවන් අප ජීවත් වෙන තැන පරිසරයේ තියෙන සතුටුදායක බව නැති කරලා, අපේ සිතිවිලි අවුල් කරලා අපේ ජීවිතයට නරකක් එකතු කරන්න. මෙයින් ආර්ථිකය පිරිහිලා, කරන කිසිම දෙයක් හරි නොයන, සිත් තැවුලෙන් නිතරම ඉන්න තත්වයට පත් වීමත් සිදු වෙනවා. අපි ඉන්න ගෙදර වුනත් මේ වගේ අනවශ්‍ය සෘණාත්මක ශක්තීන් තියෙන්න පුළුවන්. ඒවා ඉවත් කර ගන්න මේ කියන විදිහෙන් ඉඩක් ලැබෙනවා. මේ සඳහා අවශ්‍ය වෙන්නේ ලෙමන් ගෙඩි සහ බොහොම පහසුවෙන් සොයා ගත හැකි දේවල් විතරයි. කළ හැකි දේවල් කිහිපයක්ම තියෙනවා.


මෙයින් ගෙදර අඩ දබර අඩු වෙනවා වගේම ආදරයත් වැඩි දියුණු වෙනවා. තමන්ට මොකක් හරි ලොකු හිතේ වේදනාවක් තියනවා නම් රෑට නිදා ගන්න කලින් වීදුරු පිගානක් උඩ ලූණු කුඩු තුනීව අතුරලා ඒකෙ හරි මැදින් හතරට කපපු ලෙමන් ගෙඩියක් තියන්න. මේක ඇඳ යටින් තියලා නින්දට යන්න. උදේ නැගිටලා මේක අතින් අල්ලන්නේ නැතිව කුණු එකට දාන්න. මේ විදිහට දවස් තුනක් කරාම ඒ ප‍්‍රශ්නයෙන් යම් සැනසීමක් ගන්න පුළුවන්.

මේ වගේ දේවල් ඔප්පු කරලා පෙන්නන්න මම මහන්සි වෙන්නේ නෑ. ඔබට කැමති දෙයක් විශ්වාස කරන්න සම්පුර්ණ නිදහස තියෙනවා. කොහොම වුනත් කලින් කිව්වා වගේ විද්‍යාත්මකව පිලි ගන්න පුළුවන් ටික ගැන හිතලා හරි මේක කළොත් ඔබට ලොකු ප‍්‍රයෝජනයක් ලැබේවි. (විෂ බීජ නැති වෙන එක, සුවඳක් හමන එක වගේ) මහා විශාල වියදමක් යන්නෙත් නෑ, නරකක් වෙන්නෙත් නැහැනේ නේද? ඉතින් යාළුවන්ට එහෙමත් Share කරලා දැනුවත් කරන්න.

Post a Comment


Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget