24xnews සිංහල

සත්යය! අවංකව !! මධ්යස්ථ අපගේ අරමුණ !!!

July 2016

குறிப்பு: ஆங்கிலப் பதிவின் கீழ் பகுதியில் தமிழ் இணைப்பு உள்ளது.

මේ ලිපියෙන් අපි ඔයාලට කියන්න යන්නේ ඇඳුම රෝගය තුරන්කර දැමීමට නිවස තුලදීම සිදු කරගන්න පුළුවන් ප‍්‍රතිකාර දහයක් ගැනයි. ඇඳුම රෝගය යනු පෙනහළුවල රෝග නිසා හුස්ම ගැනීමට ඇති අපහසුතාවයයි. මෙම තත්වය උග‍්‍ර වෙන්න පුළුවන්. මේ තත්වය ඇතිවෙන්නේ පෙනහළු වලට වාතය ගලා යාම අවහිර වුනහමයි. ඇඳුම රෝගය වායු දුෂණයෙන්, අසාත්මිකතා මගින්, සමහර බෙහෙත් වර්ග මගින් හා ශ්වසන ආසාදන මගින් බහුලව ඇතිවන්න පුළුවන්, ඔබට ඇඳුම රෝගය හදුනා ගන්න පුළුවන් කැස්ස, හුස්ම හිරවීම සහ පපුවේ ආතතිය වැනි රෝග ලක්ෂණ මගින්.

ඇඳුම රෝගය සුවකර ගනිමට විවිධ පිළියම් තියනවා. ඒ අතරින් පහසුවෙන් සිදු කරගැනීමට හැකි ස්වාභාවික ප‍්‍රතිකාර ක‍්‍රම දහයක් ගැන තමයි අපි දැන් ඔයාලට කියන්න යන්නේ.

ඉගුරු
ඉගුරු විවිධ තත්ත්වයන් සදහා යෝදා ගැනුනත් ඇඳුම රෝගය සදහා ඉතාමත් සුවය ගෙන දෙන බෙහෙතක් වෙනවා. පර්යේෂකයින්ට අනුව ඉගුරු ඉතා වාසි දායක බෙහෙතක් වෙනවා ස්වසන මාර්ගයේ දැවිල්ල වැනි රෝග තත්ත්ව වලට.

මෙම බෙහෙත සාදා ගන්නා ආකාරය

සමාන ප‍්‍රමාණයන්ගෙන් ඉගුරු යුෂ, මී පැණි සහ දෙළුම් යුෂ ගෙන හොදින් මිශ‍්‍ර කරන්න, ඉන් පසුව මෙම මිශ‍්‍රණයෙන් මේස හැන්දක ප‍්‍රමාණයක් දිනකට තුන් වතාවක් පමණ පානය කරන්න.

ඉහත සදහන් මිශ‍්‍රණය වෙනුවට ඔබට ඉගුරු තේ හැන්දක් ගෙන ජලය කෝප්ප එක හමාරකට කවලම් කර මිශ‍්‍රණයක් සාදා ගන්න. ඉන් පසුව එයින් මේස හැන්දක ප‍්‍රමාණයක් නින්දට යාමට පෙර පානය කරන්න.

තවද ඔබට ඉගුරු අලයක් ගෙන එයින් අගලක ප‍්‍රමාණයක් කාපාගෙන එයත් කුඩා කැබලි වලට කපා ගෙන ඉන් පසුව එය උතුරන වතුරට දමා විනාඩි පහක කාලයක් තැම්බිමට ඉඩ හරින්න. ඉන් පසුව එය නිවීයාමට ඉඩ හැර එය පානය කරන්න.

ඔබට උළුහාල් කසායක්ද මේ සදහා සකසා ගත හැකි වේ. මෙය සකසා ගැනීමට උළුහාල් ඇට මේස හැන්දක් ජලය කෝප්පයකට දමා හොදින් රත් කරගන්න. ඉන් පසු එයට ඉගුරු තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් දමා හොදින් කවලම කර ගන්න. මෙම මිශ‍්‍රණය ඔබ සෑම උදෑසනකම සහ සන්ද්‍යාවකම පානය කරන්න.

අත්තික්කා
පළමුව වියලි අත්තිකා පත‍්‍ර තුනක් ගෙන හොදින් සෝදා ගන්න. ඉන් පසුව එය ජලය කෝප්පයකට දමා රැයක් පහන් වනතුරු තබන්න. ඉන් පසුව පසුදා උදැසනම කිසිවක් ආහාරයට ගැනීමට පෙර එම පත‍්‍ර තුන ආහාරයට ගෙන ඉතිරි ජලය ටික පානය කරන්න. මෙම ප‍්‍රතිකාරය මාස කිහිපයක් සිදු කරන්න.

සුදු ළුනු
සුදු ළුනු බික් 15 පමණ ගෙන එය කිරි කෝප්ප භාගයකට දමා හොදින් රත් කරගන්න. ඉන් පසුව මෙය පානය කරන්න. මෙය දිනකට එක වතාව බැගින් සිදු කරන්න. ඔබට සුදු ළුනු තේ සාදා ගත හැකිය. මෙය සාදා ගැනීමට සුදු ළුනු බික් හතරක් උණු වතුරට දමා තම්බාගෙන එය කාමර උෂ්ණත්වයට පත් වූ පසු පානය කරන්න.

කෝපි
මෙම තත්වය පාලනයට කෝපි උපකාර වෙනවා. කෝපි සැමවිටම උණුවෙන් පානය කරන්න. එහෙත් දිනකට කෝපි කෝප්ප තුනක් ඉක්මවා පානය නොකිරීමට වග බලාගන්න.

මී පැණි
පළමුව ඔබ මී පැණි තේ හැන්දක් ජලය වීදුරුවකට දමා කවලම් කර ගන්න. ඉන් පසුව එය පානය කරන්න. මෙය පානය කිරීමේදී ඔබ සෙමින් පානය කරනවානම් ඉතාමත් වැදගත්වේ.

ළුනු
ඔබ කල යුත්තේ ඉතා සරල දෙයකි. ඔබ ළුනු සිවි අමුවෙන් ආහාරයට ගන්න. ඔබ මෙම සුවදට හෝ රසට අකමැතිනම් ඔබ ළුනු පිස ගැනීමෙන් පසුව ආහාරයට ගන්න.

ලෙමන්
මෙම තත්ත්වය මග හැරවා ගැනීමට ඔබ ලෙමන් භාගයක් ජලය වීදුරුවකට මිරිකා පානය කරන්න. ඔබට අවශ්‍යනම් මෙයට සීනි එක්කරගන්න. ඔබට ලෙමන් වෙනුවට ස්ටෝබෙරි, දොඩම් වැනි දෑ යොදා ගත හැකිය.

මේ සදහා ඔබ බෝතල් කල ලෙමන් යුෂ භාවිතයට නොගැනීමට වග බලාගන්න. ඔබට ඇඳුම ඇති වූයේනම් මෙම සරල ප‍්‍රතිකාර ක‍්‍රම භාවිතයට ගන්න. මෙමගින් ඔබට සුවය ගෙනදේවී.

%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+-+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් ලැබුණු උපදෙස් මත සැලැස්මකට අනුව ක්‍රීඩා කිරීම නිසා තමන්ට උපරිම දස්කම් දැක්වීමට හැකිවූ බව කුසල් මෙන්ඩිස් පවසනවා.

ඊයේ තරග ජයග්‍රහණයෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේබව කියාසිටියේ.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 176 ක් රැස්කළ අතර, ඔහු එම තරඟයේ වීරයා බවටද පත්වුණා.

මේ අතර තරග ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද අදහස් පළකලා.

  [youtube src="j_VuLiPL5kg"/]

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මවක් සහ දියණියක් කොල්ලකරුවන් පිරිසක් විසින් දූෂණය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස දුෂණය වී ඇත්තේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පදිංචි මවක් සහ දියණියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය සිකුරාදා රාත්‍රියේ ඔවුන් මෝටර් රථයකින් උත්තර් ප්‍රදේශ් සිට නවදිල්ලිය බලා ගමන් කර තිබෙන අතරතුර මෝටර් රථයේ වීදුරුවේ ඇති වූ දෝෂයක් හේතුවෙන් රියදුරු විසින් මෝටර් රථය මාර්ගය අසළ නතර කර තිබෙනවා.

අනතුරුව පිටුපසින් පැමිණි කොල්ලකරුවන් ඔවුන්ගේ රථය වටකර ඔවුන්ගේ රන් ආභරණ කොල්ලකා තිබෙනවා.

අනතුරුව කොල්ලකරුවන් විසින් මෝටර් රථයේ ගමන් කළ අනෙක් පිරිමි පුද්ගලයන්ගේ අත්පා ගැටගැසීමෙන් පසුවයි අදාළ කාන්තාව සහ ඇගේ දියණිය දූෂණය කර ඇත්තේ.

පසුව ඔවුන් විසින් සිද්දිය සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
[youtube src="817lIv6zgM8"/]



බොලිවුඩ් නළු නිළියන්ගේ ළමා කාලයේ ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය පළ කර තිබෙනවා.

ඔවුන්ගේ ළමා කාලය මේකප් රහිතව සහ වර්තමානයේ මේකප් සහිත ඡායාරූප පළකර  තිබීම මෙහි විශේෂත්වයක්.

මේ තුළින් ඉන්දියානු සම්ප්‍රදායක සමාජයේ මිනිසුන්ගේ සැබෑ පෙනුම ඔවුන් තුලද දැකගත හැකි බව විදෙස් මාධ්‍යවල සදහන්.

එම ඡායාරූප දැකීමෙන් වර්තමානයේ ඔවුන් සමාජමය වශයෙන් කෙතරම් වෙනසකට පත්ව ඇතිද යන්න විවාදාත්මක බවයි තවදුරටත් වාර්තා වුනේ.

නමුත් මේකප් මගින් සියල්ල ආවරණය කළ නොහැකි බව අමතක කළ  නොහැකි සත්‍ය බවද වාර්තාවුණා.
[youtube src="WJ7IHJKsFW8"/]

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+950+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92නීතිවිරෝධී ලෙස ආනයනය කළ විදේශීය මත්පැන් තොගයක් මුදල් අමාත්‍යාංශයේ නීිතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් ඊයේ සොයාගෙන තිබෙනවා. 

දෙමටගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශීය මත්පැන් බෝතල් 950 ක් මෙලෙස සොයාගෙන ඇති අතර, සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුනු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. 

නීතිවිරෝධී මත්පැන් ආනයනය කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට රුපියල් කෝටි 600 ක පමණ බදු මුදලක් අහිමිවන බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රාජ්‍ය ආයතන බහුලව පිහිටි ප්‍රදේශයක ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් සන්නද්ධ සාමාජිකයන් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 

විදෙස් වාර්තා සදහන් කළේ ලාහෝර් නුවර සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානයේ ස්ථාපිත කර ඇති රාජ්‍ය ආයතනවලට සන්නද්ධ කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබූ තිබූ බවයි. 

ඒ අනුව සන්නද්ධ කණ්ඩායම් ප්‍රහාරය එල්ල කිරීමට පෙර ආරක්ෂක අංශ සිය සැලසුම් ක්‍රියාත්මක කළා.  

%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B3+%E0%B6%B4%E0%B7%90%E0%B6%9F%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92නුගේගොඩ දෙල්කඳ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේදී අද සවස මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදු වූවා.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ පිරිසට තුවාල සිදු වී ඇති අතර ජීවිත හානියක් සිදුව නොමැති බවටයි වාර්තා වන්නේ.

දුම්රියේ ගැටුණු මෝටර් රථය දුම්රිය මාර්ගයේ ඉදිරියට ඇදී ගොස් තිබුණු අතර එය නැවත මාර්ගයට ගෙන ආවේ දුම්රියේම ආධාරයෙනි. 

එම අවස්ථාවේ දර්ශන පහතින්.


[youtube src="4H_UNW494Bg"/]

ඇඹිලිපිටිය ප්‍රදේශයේ කාන්තාවක් ගෙලවැළලාගෙන මියයාමට  උත්සාහ කරමින් සිටියදී පොලිස් නිලධාරියකු විසින් බේරාගෙන තිබෙනවා.

පවුල් අරවුලක් නිසා මෙසේ මියයාමට  උත්සාහ කරන්නට ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙම ආරවුල් නිසා ඇයගේ සැමියා දින කිහිපයකට පෙර නිවසින් පිටවගොස් ඇති අතර ඔහු එම කාන්තාවට නිතර පහරදෙන බවට කාන්තාවගේ මව  ඇඹිලිපිටිය පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එම පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට පැමිණෙන ලෙස දැන්වීමට කොස්තාපල් ආනන්ද මහතා මෙම නිවසට පැමිණි අවස්ථාවේදී අදාළ කාන්තාව ගෙලවැළලාගෙන  මියයාමට  උත්සාහ කරමින් සිටින අයුරු දැක තිබෙනවා.

අනතුරුව පොලිස් නිධාරියා විසින් නිවසේ තිබු ආයුධයකින් ලණුව කපා ඇයගේ ජීවිතය බේරාගෙන ඇති බව සදහන්.

සිදුවීම පිළිබද ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

%E0%B6%B8%E0%B7%9C%E0%B6%9C%E0%B6%A9%E0%B7%92%E0%B7%82%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පිහිටි අපරාධ විමර්ශන මූලස්ථානයට මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම අල් ෂබාබ් සටන්කාමීන් භාර ගෙන තිබෙනවා.

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget