24xnews සිංහල

සත්යය! අවංකව !! මධ්යස්ථ අපගේ අරමුණ !!!

குறிப்பு: ஆங்கிலப் பதிவின் கீழ் பகுதியில் தமிழ் இணைப்பு உள்ளது.

උසස් පෙළට ගිය සිසුවියට අතරමගදී වෙච්චදේ

අම්පාර ප්‍රදේශයේ පාසල් සිසුවියක් උසස් පෙළ විභාගය අවසන් වී නිවසට යමින් සිටියදී පැහැරගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

ත්‍රි රෝද රථයකින් පැමිණි පිරිසක් මෙලස බලහත්කාරයෙන් සිසුවිය රිය තුළට රැගෙන ඇති අතර පසුව ඇය ත්‍රි රෝද රථයෙන් ඉවතට පැන ඇතිබව බව සදහන්.

එම අවස්ථාවේදී මුර සංචාරෙයේ යෙදුණු පොලිස් නිලධාරීන් සහ මාර්ගය අසල සිටි පුද්ගලයන් එක්ව සිසුවිය බේරාගෙන ඇති අතර පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන්ද අල්ලාගත් බවයි අප වාර්තාකරු ප්‍රකශ කළේ.

සිසුවිය සහ පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර එය ඇත හැරීම හේතුවෙන් මෙලෙස පැහැරගත් බවටයි වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

එම පුද්ගලයාද මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුවකු බව සදහන්.

ත්‍රිරෝද රථය තුළ තිබී රසායනික දියර බෝතලයක්,ඇදුම් බෑගයක් සහ පිහියක් සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

Post a Comment


Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget