24xnews සිංහල

සත්යය! අවංකව !! මධ්යස්ථ අපගේ අරමුණ !!!

குறிப்பு: ஆங்கிலப் பதிவின் கீழ் பகுதியில் தமிழ் இணைப்பு உள்ளது.

පොලිසිය ගෙදරට එද්දී කාන්තාවක් ගෙලවැළලාගනී (ඡායාරූප)

ඇඹිලිපිටිය ප්‍රදේශයේ කාන්තාවක් ගෙලවැළලාගෙන මියයාමට  උත්සාහ කරමින් සිටියදී පොලිස් නිලධාරියකු විසින් බේරාගෙන තිබෙනවා.

පවුල් අරවුලක් නිසා මෙසේ මියයාමට  උත්සාහ කරන්නට ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙම ආරවුල් නිසා ඇයගේ සැමියා දින කිහිපයකට පෙර නිවසින් පිටවගොස් ඇති අතර ඔහු එම කාන්තාවට නිතර පහරදෙන බවට කාන්තාවගේ මව  ඇඹිලිපිටිය පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එම පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට පැමිණෙන ලෙස දැන්වීමට කොස්තාපල් ආනන්ද මහතා මෙම නිවසට පැමිණි අවස්ථාවේදී අදාළ කාන්තාව ගෙලවැළලාගෙන  මියයාමට  උත්සාහ කරමින් සිටින අයුරු දැක තිබෙනවා.

අනතුරුව පොලිස් නිධාරියා විසින් නිවසේ තිබු ආයුධයකින් ලණුව කපා ඇයගේ ජීවිතය බේරාගෙන ඇති බව සදහන්.

සිදුවීම පිළිබද ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Post a Comment


Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget