24xnews සිංහල

සත්යය! අවංකව !! මධ්යස්ථ අපගේ අරමුණ !!!

குறிப்பு: ஆங்கிலப் பதிவின் கீழ் பகுதியில் தமிழ் இணைப்பு உள்ளது.

ඇඳුම රෝගයෙන් තොරව ජිවත් වෙමුද?

මේ ලිපියෙන් අපි ඔයාලට කියන්න යන්නේ ඇඳුම රෝගය තුරන්කර දැමීමට නිවස තුලදීම සිදු කරගන්න පුළුවන් ප‍්‍රතිකාර දහයක් ගැනයි. ඇඳුම රෝගය යනු පෙනහළුවල රෝග නිසා හුස්ම ගැනීමට ඇති අපහසුතාවයයි. මෙම තත්වය උග‍්‍ර වෙන්න පුළුවන්. මේ තත්වය ඇතිවෙන්නේ පෙනහළු වලට වාතය ගලා යාම අවහිර වුනහමයි. ඇඳුම රෝගය වායු දුෂණයෙන්, අසාත්මිකතා මගින්, සමහර බෙහෙත් වර්ග මගින් හා ශ්වසන ආසාදන මගින් බහුලව ඇතිවන්න පුළුවන්, ඔබට ඇඳුම රෝගය හදුනා ගන්න පුළුවන් කැස්ස, හුස්ම හිරවීම සහ පපුවේ ආතතිය වැනි රෝග ලක්ෂණ මගින්.

ඇඳුම රෝගය සුවකර ගනිමට විවිධ පිළියම් තියනවා. ඒ අතරින් පහසුවෙන් සිදු කරගැනීමට හැකි ස්වාභාවික ප‍්‍රතිකාර ක‍්‍රම දහයක් ගැන තමයි අපි දැන් ඔයාලට කියන්න යන්නේ.

ඉගුරු
ඉගුරු විවිධ තත්ත්වයන් සදහා යෝදා ගැනුනත් ඇඳුම රෝගය සදහා ඉතාමත් සුවය ගෙන දෙන බෙහෙතක් වෙනවා. පර්යේෂකයින්ට අනුව ඉගුරු ඉතා වාසි දායක බෙහෙතක් වෙනවා ස්වසන මාර්ගයේ දැවිල්ල වැනි රෝග තත්ත්ව වලට.

මෙම බෙහෙත සාදා ගන්නා ආකාරය

සමාන ප‍්‍රමාණයන්ගෙන් ඉගුරු යුෂ, මී පැණි සහ දෙළුම් යුෂ ගෙන හොදින් මිශ‍්‍ර කරන්න, ඉන් පසුව මෙම මිශ‍්‍රණයෙන් මේස හැන්දක ප‍්‍රමාණයක් දිනකට තුන් වතාවක් පමණ පානය කරන්න.

ඉහත සදහන් මිශ‍්‍රණය වෙනුවට ඔබට ඉගුරු තේ හැන්දක් ගෙන ජලය කෝප්ප එක හමාරකට කවලම් කර මිශ‍්‍රණයක් සාදා ගන්න. ඉන් පසුව එයින් මේස හැන්දක ප‍්‍රමාණයක් නින්දට යාමට පෙර පානය කරන්න.

තවද ඔබට ඉගුරු අලයක් ගෙන එයින් අගලක ප‍්‍රමාණයක් කාපාගෙන එයත් කුඩා කැබලි වලට කපා ගෙන ඉන් පසුව එය උතුරන වතුරට දමා විනාඩි පහක කාලයක් තැම්බිමට ඉඩ හරින්න. ඉන් පසුව එය නිවීයාමට ඉඩ හැර එය පානය කරන්න.

ඔබට උළුහාල් කසායක්ද මේ සදහා සකසා ගත හැකි වේ. මෙය සකසා ගැනීමට උළුහාල් ඇට මේස හැන්දක් ජලය කෝප්පයකට දමා හොදින් රත් කරගන්න. ඉන් පසු එයට ඉගුරු තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් දමා හොදින් කවලම කර ගන්න. මෙම මිශ‍්‍රණය ඔබ සෑම උදෑසනකම සහ සන්ද්‍යාවකම පානය කරන්න.

අත්තික්කා
පළමුව වියලි අත්තිකා පත‍්‍ර තුනක් ගෙන හොදින් සෝදා ගන්න. ඉන් පසුව එය ජලය කෝප්පයකට දමා රැයක් පහන් වනතුරු තබන්න. ඉන් පසුව පසුදා උදැසනම කිසිවක් ආහාරයට ගැනීමට පෙර එම පත‍්‍ර තුන ආහාරයට ගෙන ඉතිරි ජලය ටික පානය කරන්න. මෙම ප‍්‍රතිකාරය මාස කිහිපයක් සිදු කරන්න.

සුදු ළුනු
සුදු ළුනු බික් 15 පමණ ගෙන එය කිරි කෝප්ප භාගයකට දමා හොදින් රත් කරගන්න. ඉන් පසුව මෙය පානය කරන්න. මෙය දිනකට එක වතාව බැගින් සිදු කරන්න. ඔබට සුදු ළුනු තේ සාදා ගත හැකිය. මෙය සාදා ගැනීමට සුදු ළුනු බික් හතරක් උණු වතුරට දමා තම්බාගෙන එය කාමර උෂ්ණත්වයට පත් වූ පසු පානය කරන්න.

කෝපි
මෙම තත්වය පාලනයට කෝපි උපකාර වෙනවා. කෝපි සැමවිටම උණුවෙන් පානය කරන්න. එහෙත් දිනකට කෝපි කෝප්ප තුනක් ඉක්මවා පානය නොකිරීමට වග බලාගන්න.

මී පැණි
පළමුව ඔබ මී පැණි තේ හැන්දක් ජලය වීදුරුවකට දමා කවලම් කර ගන්න. ඉන් පසුව එය පානය කරන්න. මෙය පානය කිරීමේදී ඔබ සෙමින් පානය කරනවානම් ඉතාමත් වැදගත්වේ.

ළුනු
ඔබ කල යුත්තේ ඉතා සරල දෙයකි. ඔබ ළුනු සිවි අමුවෙන් ආහාරයට ගන්න. ඔබ මෙම සුවදට හෝ රසට අකමැතිනම් ඔබ ළුනු පිස ගැනීමෙන් පසුව ආහාරයට ගන්න.

ලෙමන්
මෙම තත්ත්වය මග හැරවා ගැනීමට ඔබ ලෙමන් භාගයක් ජලය වීදුරුවකට මිරිකා පානය කරන්න. ඔබට අවශ්‍යනම් මෙයට සීනි එක්කරගන්න. ඔබට ලෙමන් වෙනුවට ස්ටෝබෙරි, දොඩම් වැනි දෑ යොදා ගත හැකිය.

මේ සදහා ඔබ බෝතල් කල ලෙමන් යුෂ භාවිතයට නොගැනීමට වග බලාගන්න. ඔබට ඇඳුම ඇති වූයේනම් මෙම සරල ප‍්‍රතිකාර ක‍්‍රම භාවිතයට ගන්න. මෙමගින් ඔබට සුවය ගෙනදේවී.

Post a Comment


Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget