24xnews සිංහල

සත්යය! අවංකව !! මධ්යස්ථ අපගේ අරමුණ !!!

குறிப்பு: ஆங்கிலப் பதிவின் கீழ் பகுதியில் தமிழ் இணைப்பு உள்ளது.

මහ රෑ මෝටර් රථයේ ගිය මවට සහ 14 හැවිරිදි දියණියට කොල්ලකරුවන් කළ අපරාධය

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මවක් සහ දියණියක් කොල්ලකරුවන් පිරිසක් විසින් දූෂණය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස දුෂණය වී ඇත්තේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පදිංචි මවක් සහ දියණියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය සිකුරාදා රාත්‍රියේ ඔවුන් මෝටර් රථයකින් උත්තර් ප්‍රදේශ් සිට නවදිල්ලිය බලා ගමන් කර තිබෙන අතරතුර මෝටර් රථයේ වීදුරුවේ ඇති වූ දෝෂයක් හේතුවෙන් රියදුරු විසින් මෝටර් රථය මාර්ගය අසළ නතර කර තිබෙනවා.

අනතුරුව පිටුපසින් පැමිණි කොල්ලකරුවන් ඔවුන්ගේ රථය වටකර ඔවුන්ගේ රන් ආභරණ කොල්ලකා තිබෙනවා.

අනතුරුව කොල්ලකරුවන් විසින් මෝටර් රථයේ ගමන් කළ අනෙක් පිරිමි පුද්ගලයන්ගේ අත්පා ගැටගැසීමෙන් පසුවයි අදාළ කාන්තාව සහ ඇගේ දියණිය දූෂණය කර ඇත්තේ.

පසුව ඔවුන් විසින් සිද්දිය සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
[youtube src="817lIv6zgM8"/]

Post a Comment


Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget